Thursday, January 6, 2022

නාට්‍ය කර්මාන්තයක වාසිය



ශ්‍රී ලාංකේය නාට්ය කලාවේ අර්බුදය 06

පසුගිය ලිපිවලින් මම පැහැදිලි කරන්න උත්සාහ කළා නාට්ය කලාවක් වර්ධනය කිරීමට ද ඇත්තේ, මූලික වශයෙන් ධනවාදී ක්රමය තුළ ඇති නාට්යකරුවා, වෙළෙන්දා (නාට්ය සමාගම හෝ ශ්රී ලංකාවේ දී නම් සංවිධායකවරයා) සහ පාරිභෝගිකයා (ප්රේක්ෂකයා) අතර ගනුදෙනුවම බව. නමුත්, කලාව වැනි විෂයයකට එද්දී එවැනි ‘ධනවාදී වෙළෙඳපොළ වචනවලින්’ ඒ ගනුදෙනුව හඳුන්වනවාට ශ්රී ලංකාවේ බොහෝ දෙනකු තාමත් කැමැති නැති බව මම දන්නවා. එසේ වුවත්, විශ්ව නාට්ය කලාවේ ‘විශිෂ්ටතම නාට්ය’ කියන සියලුම නාට්ය වාගේ බිහි වී ඇත්තේ, විවිධ වෙනස්කම්වලට යටත්ව මෙම ආකෘතිය තුළම බව මම කලින් පැහැදිලි කළා. එය කර්මාන්තයක් විදිහට වෘත්තීමව පැවැතීම තව දුරටත් වෙනමම පැහැදිලි කිරීමකට මෙම ලිපියෙන් උත්සහ කරනවා.
විවිධ රටවල නාට්ය කලාවේ වර්ධනයට එම නාට්යකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන මූලික ආකෘතිය මුල්කරගෙන විවිධාකාර සුබසාධන සහ පහසුකම් ලබා දී එම භූමිකා තුනට හැකි තරම් එකිනෙකාගෙන් අසාධාරණයක් නොවෙන යාන්ත්රණයක් නිර්මාණය කරලා තියෙනවා. සමහර රටවල් ඒ සම්බන්ධයෙන් වඩාත් සාර්ථක වී තිබෙන අතර, සමහර රටවල් විවිධ මට්ටම්වලින් එයම සාර්ථක කර ගැනීමට අරගල කරනවා. ශ්රී ලංකාවේ ද පැවැතුණේත්, පවතින්නේත් මෙම ගනුදෙනුවම වන අතර, එයින් පැවැතීමට නොහැකි වෙන තරමට ශ්රී ලංකාවේ දී එය වඩා අක්රමවත්, අවිධිමත් හෝ දියුණු නැති විදිහටයි තිබිලා තියෙන්නෙ. එවිට එය පහසුවෙන් දූෂණය වීමට ද ලක් වෙනවා. උදාහරණයකට, නාට්යකරුවාම වෙළෙන්දාගේ වැඩේ ද කිරීම සහ වෘත්තීයමයව පවතින්නට විදිහක් නැති නිසා නාට්ය කලාවට පූර්ණ ශ්රමයක් යොදන්නට සමහරුන්ට නොහැකි වීම සහ මෙම අක්රමවත්භාවය තුළ විවිධ අසාධාරණකම් හා අකටයුතුකම්වලට ලක් වීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම නාට්ය තරග ද ඇතුළුව රජයෙන් දෙන සීමිත අනුග්රහයෙන් විතරක් පවතින්නට උත්සාහ කිරීම. ඒ විදිහට අවිධිමත්ව යන්නට පුළුවන් උපරිම දුර ගිහිල්ලා තමයි, දැන් අපි එක්තරා විදිහකට වැටිලා තියෙන්නේ. මම වෙනත් තැන්වල දී ද පෙන්නලා දුන්නු පරිදි නිදහසින් පසු අප රාජ්යයක් වශයෙන් රට ගොඩනඟන කොටම සංස්කෘතික ජීවිතයේ ප්රධාන අංගයක් වශයෙන් නාට්ය කලාව පවතින්නට අවශ්ය බව තේරුම් ගෙන එය කර්මාන්තයක් ලෙසට ආකෘතිගත නොකිරීම මීට ප්රධාන හේතුවයි.
ඉතින් මම යෝජනා කරමින් ඉන්නේ නාට්ය කලාවේ වර්ධනයට සහ පැවැත්මට එම ශ්රී ලංකාවේ අවිධිමත්ව පැවැත්වුණු නාට්යකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා ගනුදෙනුවම විධිමත්, ක්රමවත් සහ සාධාරණ පිළිවෙළකට ගෙන ආ යුතු බවයි. එම තිදෙනාගේ පැවැත්ම වෙළෙඳපොළ ගනුදෙනුවක් තුළ වෘත්තීයව තහවුරු කළ යුතු බව; සුරක්ෂිත කළ යුතු බව. එවිට එය කර්මාන්තයක් බවට පත් වන අතර, කර්මාන්තයක් බවට පත් වී සාර්ථක වනවා හැර අද වෙනත් කිසිදු මාර්ගයකින් නාට්ය කලාව බේරා ගැනීමට නොහැකි බව මගේ අදහසයි. මම එසේ කියන්නේ, විවිධ වෙනස්කම්වලට යටත්ව මූලික වශයෙන් කර්මාන්තයක් ලෙස වෘත්තීයව නොපවතින ලෝකයේ කිසිම තැනක අද වෙන කොට ගුණාත්මක නාට්ය කලාවක් පවතින්නේ නැති නිසයි. ඔය දකුණු ඇමෙරිකාව, අප්රිකාව ආදී රටවල ඇති නාට්ය කලාව විශේෂයෙන් කැපීපෙනෙන රටවල ද, ඉන්දියාවේ ද ඇත්තේ, එක් පැත්තකින් බටහිර සහ යුරෝපයේ ඇති කර්මාන්තයක් ලෙස නාට්ය සමාගම් ආකෘතියත්, අනෙක් පැත්තෙන් තරමක් ශ්රී ලංකාවට සමාන නාට්යකරුවා අහල පහල අයගේ සහයෝගයෙන් සියල්ල කරන අවිධිමත්භාවයත් යන දෙකමයි. එම අවිධිමත්භාවය තුළ නාට්ය කරන අය ද අරගල කරමින් ඉන්නේ, අර වෘත්තීයමය තත්වයම අත්පත් කර ගන්නයි. නැවතත්, නාට්ය කලාව පවතිනවා කියන්නේ කෙනකු පෞද්ගලික දැන-හැඳුනුම්කම් ආදිය ද පාවිච්චි කරමින් තනිව කෙසේ හෝ ඉඳහිට මොනවා හරි නාට්යයක් නිෂ්පාදනය කර ගැනීම නෙමෙයි. ඊට වඩා කලාවක් විදියට, ක්ෂේත්රයක් විදිහට මිනිසුන්ගේ යාවජීව සංස්කෘතික අංගයක් විදිහට නාට්ය කලාව නොනැසී දිගටම පැවැතීමයි. ඔබ ශ්රී ලංකාවේ නාට්ය කලාව ගොඩ දමන්නට වෙනත් කවර මාර්ගවල ගිහින් රස්තියාදු වුණත්, කර්මාන්තයක වෘත්තීයමය ආකෘතියට එන තෙක් මේ ක්රමය තුළ පවතින්නට විදිහක් නැති කිසිදු පැකිලීමකින් තොරව මට කියා සිටින්න පුළුවන්. මෙයම චිත්රපට ආදී අනෙක් කලාවන්ට ද එයාකාරයෙන්ම අදාළයි.
තවත් මෙය පැහැදිලි කිරීමට ශ්රී ලංකාවේ නාට්ය සංවිධානය කරන හෙවත් නාට්ය ගනුදෙනුවේ දී ‘වෙළෙන්දාගේ‘ භූමිකාව කරන ජූඩ් ශ්රීමාල් වැනි කෙනකු ගනිමු. ඔහු කරන්නේ ඉතාම වැදගත් භූමිකාවක්. කිසිවකු විසින් එය කළ යුතු මයි. නමුත්, අවාසනාවට එය සිදු වෙන්නේ විධිමත්ව සංවිධානය වූ නීතිරීතිවලට, විනයකට සහ ප්රමිතියකට අනුව නෙමෙයි. මේ නිසා ජූඩ්ට මෙන්ම නාට්යකරුවන්ට ද සමහර අවස්ථාවල දී එයින් විවිධ අපහසුතා සහ ගැටලු ඇති වෙනවා, ඒ විදිහට දිගටම පවතින්න බැරුව යනවා. එතැන සිදු විය යුත්තේ, ජූඩ් වෘත්තීය කර්මාන්තයක ඇති නීතිරීතිවලට යටත්ව සමාගමක් බවට පත් වීමයි. එය සමාගමක් සඳහා නියම කර ඇති නීතිරීතිවලට සහ ප්රමිතිවලට අනුව සංවිධානය වීමයි. එවැනි යාන්ත්රණයක් තුළ කාට හෝ අසාධාරණයක් වුණාට පසු එය නිරාකරණය කර ගැනීමට ද වෘත්තීයමය ක්රමයක් තියෙනවා.
දැනට ශ්රී ලංකාවේ බොහෝ නාට්ය නිර්මාණ ව්යාපෘතිවල කිසියම් ලාභයක් ඇති වෙලා හෝ පාඩුවක් නැති වෙලා තියෙනවා නම්, ඊට එක ප්රධාන හේතුවක් තමයි, හැඳුනුම්කම් හරහා මුදල් නොගෙවා ලබා ගන්න පුළුවන් සහයෝගය සහ අනුග්රහය. නමුත්, එහි ඇති ගැටලුව නම්, එයට දිගටම පවතින්නට නොහැකි වීමයි. ශ්රී ලංකාවේ නාට්ය කලාවේ ස්වර්ණමය යුගය හෙවත් මුල් යුගයේ ඇති විශේෂත්වය නම් මුදල් ගැන එතරම් නොසිතා රඟපෑමේ සිට සංවිධානය කිරීම දක්වා මෙසේ හැඳුනුම්කම් සහ 'අවිධිමත් අනුග්රහයන්' හරහා සහයෝගය ලබා ගැනීමට අදට වඩා බොහෝ අවස්ථා සහ හැකියාවන් තිබීමයි.
ඔබ ශ්රී ලංකාවේ නාට්ය කරලා මේ වෙන කොට නාට්ය නිෂ්පාදනවලින් ඈත් වෙලා ඉන්න බොහෝ දෙනකු සමඟ කතා කළොත්, ඔවුන් බොහෝ දෙනාට අඩු-වැඩි වශයෙන් වැඩ කරන්න ගිහිල්ලා කලකිරීමට ලක් වුණු අත්දැකීම් වගයක් කියනවා. විවිධ මූල්යමය අසාධාරණකම් (පොලු තැබීම්), සමස්තයක් ලෙස ශ්රමයට සිරිලන ඇගැයීමක් හෝ ප්රතිලාභයක් නැති වීම, ගෙවීම්වල දී ඇති භේද සහ අසාධාරණකම්, සමහර නාට්යකරුවන් හැඳුනුම්කම් ආදිය හරහා රජයෙන් විශේෂ වරප්රසාද ලබා ගැනීම් මේ ආදී උදාහරණ එමටයි. කර්මාන්තයක් වූ පසු මෙය විශාල වශයෙන් පාලනය වෙනවා.
කර්මාන්තයක් වීම ගැන කතා කරන කොට සමහරු කනගාටුවට පත් වෙන කාරණයක් තමයි, ඒ නිසා නිර්මාණවල ගුණාත්මකභාවය පිරිහෙයි ද කියන කාරණය. නමුත්, නැවතත් විශ්ව නාට්ය කලාවේ විශිෂ්ටතම නාට්ය ලෙස අපි හඳුනා ගන්නා සියල්ලම මෙන් බිහිවෙලා තියෙන්නෙ එසේ කර්මාන්තයක් වූ යාන්ත්රණයක් තුළයි. එසේම හුදෙක් එය කර්මාන්තයක් වූ පමණින් ම සාර්ථක වෙන්නේ නැති බව ඇත්ත. ඊට ගුණාත්මක නිෂ්පාදන ඉල්ලා සිටින ප්රේක්ෂකාගාරයක් ද ඇති විය යුතුයි. නමුත්, දැනට පවතින මේ ව්යාකූල, පිරිහුණු තත්ත්වයට වඩා වෘත්තීය කර්මාන්තයක් බවට පත් වන විට නිෂ්පාදනවල එම ගුණාත්මකත්වය වර්ධනය වෙන්න පටන් ගන්නවා (එවැනි ගුණාත්මක ප්රේක්ෂකාගාරයක් නිර්මාණය වෙන්නේ කෙසේ දැයි අපි පසුව ලිපියකින් වෙනමම සාකච්ඡා කරමු).
ඒ කෙසේ වෙතත්, ඕනෑම රටක හුදෙක් මුදල් සෙවීම සඳහා ම කරන නිර්මාණ තියෙනවා. ශ්රී ලංකාවේ සමහරු මේවා 'ජනප්රිය' සහ 'වාණිජ' නිර්මාණ කියලත් හඳුන්වනවා. එවැනි නිර්මාණ කෙතරම් බිහි වුණත් නාට්ය කලාවකට එයින් හානි වන බවට මෙතෙක් ලෝකයේ කොහෙන්වත් තහවුරු වෙලා නැහැ. උදාහරණයකට, ‘රැල්ල’ හෝ ‘නල්ලතම්බි’ වර්ගයේ නාට්ය කොපමණ නිෂ්පාදනය වුවත්, එය ‘මරා-සාද්’ හෝ ‘මනමේ’ වැනි නාට්යවලට තර්ජනයක් වෙන්නේ නැහැ, එම නාට්ය බලන්න පුරුදුව සිටි අය එයින් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙන වෙන ගමන් මාර්ගවල ගිය වෙනම දාරාවන් සහ ප්රවණතාවයන් විදිහට අප තේරුම් ගත යුතුයි. සමහර විට ඒ එක නාට්ය කලාවක් කරා යන ප්රේක්ෂකයන් අනිත් නාට්ය කලාව කරා යන්නෙම නැති වෙන්න පුළුවන්. නාට්ය කලාවක් වඩාත් දියුණු වෙන කොට සංකීර්ණ වෙන කොට මෙවැනි නානාප්රකාර විවිධ දාරාවන් එම සංස්කෘතියට එකතු වෙනවා. එයින් යහපතක් මිස අයහපතක් වූ බවට මෙතෙක් ලෝකයේ වාර්තා වෙලා නෑ. ඇත්තටම සිදු විය යුත්තේත් විවිධාකාර ආකෘතින්, ශෛලීන් සහ ප්රවණතාවන්වලින් නාට්ය සංස්කෘතිය විවිධත්වයට සහ සංකීර්ණත්වයට පත් වී පුළුල් 'වෙළෙඳපොළක්' ඇති වීමයි. අප කළ යුත්තේ, නාට්ය කලාව පිළිබඳව හොඳ අධ්යාපනයක් ඇතුළු බුද්ධිමය කතිකාවන් හැකි තරම් වර්ධනය කරමින් ගුණාත්මක වෙළෙඳපොළකට නිෂ්පාදනය කිරීමට සැලැස්වීමයි.

පින්තූරය.
සුප්රකට නාට්යකරු පීටර් බෲක් ඔහුගේ බොහෝ නාට්ය නිර්මාණ කෙරුවේ International Centre for Theatre Research නම් නාට්ය සමාගම හරහායි. පින්තූරයේ ඇත්තේ ඉන්දියාවේ ‘මහා භාරතය’ ඇසුරින් නිෂ්පාදනය කරපු බෲක්ගේ 'The Mahabharata' නම් පැය තුනේ කොටස් තුනකින් පෙන්නන පැය නමයක නාට්යයේ දර්ශනයක්. මෙම සමාගම තුළ සිටි සියලුම ශිල්පීන් ලෝකය පුරා විවිධ රටවලින් මිශ්රව එකතු කර ගත්ත බහු සංස්කෘතික කණ්ඩායමක්. මෙම නාට්යයේ රඟපානේත් එවැනි කණ්ඩායමක්. අදත් මෙය ලෝකයේ වැඩිම අනුග්රහයක් ලබන නාට්ය සමාගමක් විදිහට හඳුන්වනවා.

Wednesday, January 5, 2022

දියුණු නාට්‍ය කලාවක අනුග්‍රහය




ශ්‍රී ලාංකේය නාට්ය කලාවේ අර්බුදය 5

මුළු ලෝක නාට්ය කලා ඉතිහාසය පුරාම නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් ප්රධාන භූමිකාවක් කරන්නේ අනුග්රාහකයා බව පසුගිය සාකච්ඡාවලදී අපි කතා කළා. රජය, පල්ලිය,ප්රභූවරු සහ ධානපතියන් පමණක් නොව සමහර අවස්ථාවල සාමාන්ය ජනයාගේ පවා ආධාර උපකාර මතින් තමයි නාට්ය කලාවේ අනුග්රහය සාමාන්යයෙන් පැවතිලා ආවේ. අදත් මෙම තත්ත්වය එතරම් බරපතළ වෙනසක් සිද්ධ වෙලා නැති අතර එකම වෙනසකට තියෙන්නේ අද වර්තමානයේ පවතින සාමාන්යයෙන් ධනවාදී ක්රමය තුළ එය විධිමත්ව සංවිධානය වී අනුග්රහක වෙළෙඳ පොළක් ද නිර්මාණය වී තිබීමයි. නාට්ය කලාවට අනුග්රහය නැතුව පැවතීමට නොහැකි හේතුව තමයි සමස්තයක් ලෙස ගත් කල නාට්ය කලාවකට ඊට අවශ්ය අධික ශ්රමය සහ වියදම ආවරණය කිරීමට එහි සේවය මිලදී ගන්නා ප්රේක්ෂකයා හෙවත් පාරිභෝගිකයාගෙන් පමණක් යැපෙන්නට නොහැකි වීමයි. තනි නාට්ය නිෂ්පාදනයක් ලෙස ගත්තත් නාට්ය දර්ශනයේ මුදලින් ඊට ගිය සම්පූර්ණ වියදම කාර්යාලීය සේවකයින්ගේ සිට ශිල්පීන් දක්වා වෘත්තීය මට්ටමෙන් හෙවත් සාධාරණ වැටුපකින් ආවරණය කරන්න පුළුවන් වන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් කීපයක දී පමණයි.
එබැවින් වඩාම දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා රාජ්ය සහ රාජ්ය නොවන පාර්ශව හරහා විවිධාකාර ක්රමවේද සැලසුම් ආකෘති තියනවා. එකී අනුග්රහය ලැබෙන මාර්ග හැකි තරම් නොනැසී දිගටම පවත්වා ගැනීම අවශ්ය වෙනවා. ශ්රී ලංකාවේ නාට්ය කලාවේ අර්බුදය තේරුම් ගන්නට උත්සාහ කිරීම ඉලක්කය බැවින් මෙම ලිපියෙ දී මගේ අවධානය සීමා කරන්න යන්නේ මට වඩාත් සමීප අත්දැකීම් ඇති නාට්ය කලාවක් වන ඕස්ට්රේලියානු නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා ඇති මූලික සැලැස්ම කුමක්ද කියලායි. යම් යම් වෙනස්කම් සහිතව දියුණු නාට්ය කලාවක් ඇති ලෝකයේ සෑම රටකම මෙන් නාට්ය කලාවට අනුග්රහය සොයා ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ මීට සමාන ක්රමයක්.
සාමාන්යයෙන් දියුණු නාට්ය කලාවන් ඇති රටවල රජයෙන් සැලකිය යුතු මුදලක් නාට්ය කලාවේ සංවර්ධනයට යොදවන නමුත් වෘත්තීය මට්ටමට එද්දි සමහරවිට එම රජයේ අනුග්රහයෙන් පමණක්ද නාට්ය කලාවට පවතින්නට අපහසුයි. එවිට බොහෝ විට සිදු වෙන්නේ රජය මැදිහත් වී ලෝකය පුරාම ඇති විවිධ අනුග්රහකවරු සොයා බලා ඔවුන්ගේ අනුග්රහය නාට්යකරුවන්ට සාධාරණව ලබා ගැනීම සඳහා ආකෘතියක් සකස් කිරීමයි. යම් යම් සුළු සුළු වෙනස්කම් සහිතව වඩාම දියුණු නාට්ය කලාවන් ඇති රටවල්වල් සෑම එකක්ම වගේ මෙම අනුග්රාහක වෙළෙඳපොළ නැත්තං නාට්ය කලාවට අනුග්රහය ලබා ගැනීමේ කටයුත්ත රජය මැදිහත් වී සංවිධානය කරලා තියෙනවා.
ලෝකය පුරාම, ඕනම රටක ද අඩු වැඩි වශයෙන් සිටින්නට පුළුවන් නාට්ය කලාවකට මෙසේ ආධාර අනුග්රහය දෙන අය කවුරුන්ද? විවිධාකාර දේශපාලනික අත්පත්කර ගැනීම් සඳහා,ආගමික උවමනාවන් සඳහා,විවිධ සුළු ජන කොටස්වල අයිතීන් සහ සුබසාධනය ආදිය සඳහා, කාන්තා සහ විවිධ පීඩිත ජන කොටස් වල හඬ සඳහා ආදී උවමනාවන් ඉෂ්ට කර ගැනීම සඳහා චිත්රපටි, නාට්ය සහ සාහිත්ය ආදී නිර්මාණ වලට අනුග්රහය දැක්වීමට අතිවිශාල පිරිසක් ලෝකය පුරා ඉන්නවා. ඊට අමතරව විවිධ වාණිජ අරමුණු සඳහා, ප්රචාරක අවශ්යතා ආදිය සඳහා ද අනුග්රහය දක්වන්නට බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. වඩා හොඳින් දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල රජයේ නාට්ය කලාවට සම්බන්ධ අංශයේ කටයුත්තක් වන්නේ ලෝකය පුරාම මෙසේ අනුග්රහය දක්වන්නට පුළුවන් අය සොයා ඔවුන්ගෙන් අනුග්රහය නාට්යකරුවන්ට එන විදියට ආකෘතියක් සැලසීමයි. රජය විසින්ම වෙන්කල ප්රතිපාදන ලබාදෙන අනුග්රහයද සාමාන්ය එන්නේ එම ආකෘතිය තුළමයි. සිඩ්නි නාට්ය සමාගම (Sydney Theatre Company )වැනි විශාල නාට්ය සමාගම් වල ලෝකය පුරා පවතින මෙවැනි අනුග්රහයන් සොයා බලා ඉල්ලුම් කර අනුග්රහයන් ලබා ගැනීම සඳහා වෙනමම නිලධාරියෙක් පවා පූර්ණ කාලීනව කටයුතු කරනවා. රජයේ පවා එය වෙනමම වෘත්තියක්.
කෙසේ හෝ මෙසේ නාට්ය කලාවට දෙන මූල්යමය අනුග්රහයන් විවිධ වර්ගයන් යටතේ ලබා දෙනවා. උදාහරණයකට, පිලිගත් නාට්ය ශාස්ත්රාලයකින් අධ්යාපනය ලබා ගැනීමෙන් පසු අධ්යක්ෂණය කරන පළමු නාට්යයට නාට්යකරුවාට දෙන අනුග්රහය, ස්වදේශිකයින් ගේ හෝ සුළු ජාතිකයන්ගේ ප්රශ්න කතා කරන නාට්යයකට දෙන අනුග්රහය, දුෂ්කර පළාත්වල රඟදක්වන නිෂ්පාදන වලට දෙන අනුග්රහය.
දුෂ්කර පළාත්වලට රැගෙනයන නාට්ය වල සංචාරයට යන වියදම ආදී ලෙස. මෙයාකාරයෙන් නාට්ය සහ සමාජ ප්රවර්ධනයට අවශ්ය විවිධාකර පැතිවලින් එම අනුග්රහය රටේ ඒ ඒ ෆෙඩරල් ක්රමයෙහි අවශ්යතාවයන්ට අනූව වර්ගකරනයකට ලක්කලා තියෙනවා. සමහර අනුග්රහකවරු විසින්ම ද අපි අනුග්රහය දෙන්නෙ මේ අංශයට කියලා දෙන පිලිවල ආකෘති කරලා තියනවා. අප මීට කලින් ද සාකච්ඡා කරපු පරිදි සාමාන්යයෙන් මේ රටවල් වල නාට්ය නිෂ්පාදනය කරන්නේ නාට්ය සමාගම් හරහා පමණයි. එවිට සමාගම නාට්යයක නිෂ්පාදනක ලෙස( අධ්යක්ෂක ලෙස නොවේ) එම අනුග්රහයන්ට ඉල්ලුම් කර ලබාගත යුතුය. අදාල අනුග්රහයට වඩාම සුදුසුකම් ඇති ගුණාත්මක නිෂ්පාදන කරන සමාගම් වලට ඒවා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සමහර සමාගම් නිශ්චිත අනුග්රහයන් වගයක් වාර්ෂිකව හෝ මාසිකව නොකඩවා ස්තීර පදනමින් ලබා ගන්නට සමත් වෙන අවස්ථාවන් තියෙනවා. කෙසේ හෝ එම සමාගම්වල සියලුම කාර්ය මණ්ඩලයට ද නාට්ය වය්යපෘතියේ ශිල්පීන්ට වෘත්තික ව ගෙවන්නට මෙම අණුග්රහයන් විශාල වශයෙන් ආධාර වෙනවා.
නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් අනුග්රහය කියන එක මෙතරම් තීරණාත්මක භූමිකාවක් කරද්දී එම අනුග්රහය නාට්ය කලාවට ලබාදීම සඳහා ශ්රී ලංකාවේ, විශේෂයෙන් රජය පාර්ශවයෙන් මෙතෙක් ක්රියා කර ඇත්තේ කෙසේද යන කාරණය අපගේ අවධානයට ලක් විය යුතුයි. ඉහත අනිකුත් රටවල් වල පාවිච්චි කරලා තිබෙන ආකෘතිය දෙස බැලීමේදී අපට පෙනෙන්නේ එය විශාල වශයෙන් මුදල් යට වෙන වැඩකට වඩා හොඳින් සංවිධානය වීමේ මත සාර්ථක වෙන කරුණක් බවයි. ශ්රී ලංකාවට දෙසට හැරුණොත් බොහෝ විට මෙය සිදුවිය යුත්තේ නාට්ය අනුමණ්ඩලය හෝ කලා අනුමණ්ඩලය වැනි රජය සම්බන්ධ ආයතනයක් හරහායි. හැබැයි ශ්රී ලංකාවේදී නැවතත් මතක් කළ යුත්තේ අනුග්රහය විශේෂයෙන් මුදල් සම්බන්ධ කාරණා වලට එද්දි ඉතා පහසුවෙන් දූෂණය වීමට ඉඩකඩ ඇති බවයි.එවිට අනුග්රහකවරු එවැනි දූෂණ යන්ත්රණයකට සහයෝගය දීමට පැකිලීම අපට තේරුම් ගන්න පුළුවන්. ශ්රී ලංකාවේ ඩිල්මා ව්යාපාරිකයන් ඕස්ට්රේලියාව වැනි රටවල්වල නාට්ය කලාවට පවා සහයෝගය දක්වන්නෙ එම විශ්වාසය එම යාන්ත්රණය තුළින් ලබා දුන් නිසයි.
ශ්රී ලංකාවේ නාට්ය කලාව පවතින යන්ත්රණය පවා මූල්යමය කරුණු වල සිට ආකල්ප රටාව දක්වා දූෂණය වී ඇති ආකාරය ඉදිරියේදී අපි දත්ත සාධක සහිතව සාකච්චා කරමු.
වඩා දියුණු නාට්ය කලාවක් ඇති රටවල නාට්ය කලාවට අනුග්රහය ලබා දීමට රජය සහ තවත් සමහර ආයතන සංවිධානය වෙලා තියෙන ආකාරයට උදාහරණ සඳහා මම පහතින් ප්රධාන වෙබ් අඩවි කීපයක් සඳහන් කරලා තියෙනවා. මූලික වශයෙන් එම වෙබ් අඩවි ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ( New South Wales) ප්රාන්තයට අදාළ ඒවා වන අතර අනිකුත් ප්රාන්ත වල ද එයාකාරයෙන්ම සංවිධානය වෙලා තියෙනවා. මෙම වෙබ් අඩවි වලට අමතරව තවත් රාජ්ය සහ රාජ්ය නොවන ලෙස සංවිධානය වුණු අනුග්රහය ලබා දීමේ වෙබ් අඩවි රැසක් තියෙනවා. මෙහි සඳහන් නාට්ය කලාව ද ඇතුළු විවිධ සංස්කෘතික සහ කලා ක්රියාකාරකම්වලට අනුග්රහය දක්වන්නේ කෙසේද කියන එක ගැන මා ඉහතින් කළ විස්තරයට අනුව අදහසක් ගැනීමට ඔබට හැකි වේවි කියලා හිතනවා.
පින්තූරය: නාට්ය කලා ඉතිහාසයේ ප්රෙක්ෂක ආසන වල මිල ඉහළ යාම නිසා ඇති වූ ඓතිහාසික සිදුවීමක් තමයි Old Price Riots නමින් ප්රකට වූ ලන්ඩනයේ1809 කෝවන්ට් ගාර්ඩ්න් රඟහලේ( Covent Garden Theatre) ප්රේක්ෂකයින් ගහපු කැරැල්ල. එය මාස තුනක් පැවතුණු අතර 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා .මේ ඒ ගැන එවකට ප්රකට කාටූන් ශිල්පියෙකු වූ අයිසැක් රොබර්ට් කෲක්ෂැන්ක්( Isaac Robert Cruikshank) දැක තිබූ ආකාරය.

වෘත්තීය නාට්‍ය කලාවක මුලික ආකෘතිය



ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අර්බුදය 4

ඕනෑම ක්ෂේත්රයක් පැවැතීමට යම් යාන්ත්රණයක් තිබිය යුතුයි. අල ගොවියාගේ සිට නාට්යකරුවා දක්වා එම යාන්ත්රණයේ සාර්ථක - අසාර්ථකත්වය මත එම ක්ෂේත්රයේ ඉරණම තීරණය වීම තේරුම් ගන්න අමාරු නෑ.
මෙම ලිපියෙන් අපි විමසන්නට යන්නේ ‘විශ්ව නාට්ය කලාවේ විශිෂ්ට කෘති’ ලෙස ඔබ සාමාන්යයෙන් හඳුන්වන ලෝකයේ වඩා ම දියුණු නාට්ය කලාවන් ඇති රටවල ගුණාත්මක නාට්ය පවතින එම යාන්ත්රණයේ මූලික ස්වභාවය මොකක් ද කියලයි. ඒ හරහා අපට ලංකාවේ සිදු වෙලා තියෙන්නෙ කුමක් දැයි යම් අදහසක් ගන්න පුළුවන්.
සාමාන්යයෙන් දියුණු නාට්ය කලාවක් යනුවෙන් අදහස් කරන දේ කෙටියෙන් පැහැදිලි කර ගන්න අපට ප්රධාන සාධක තුනක් දිහා බලන්න පුළුවන්:
1. තමන්ගේම තෝරා ගැනීම මත නාට්ය නැරඹීමට පැමිණි ප්රමාණවත් ප්රේක්ෂක සංඛ්යාවක් සිටීම. (බලෙන් ප්රවේශ පත්ර විකිණීම නිසා හෝ හැඳුනුකම් මත ආදී හේතු මත නාට්ය නැරඹීමට සිද්ධ වුණු ප්රේක්ෂකයන් නොවෙයි)
2. ප්රේක්ෂකයන්ව සෑහීමකට පත් කිරීමට තරම් ප්රමාණවත් ගුණාත්මක මට්ටමකින් නාට්යය නිෂ්පාදනය වීම. (අවම වශයෙන් නාට්ය නැරඹීමේ ධෛර්යය නැති නොවන ගුණාත්මක මට්ටමකින්)
3. නාට්ය කණ්ඩායමේ හෝ එම ව්යාපෘතියේ සියලුම ශිල්පීන්ට තම ශ්රමයට ආර්ථික සාධාරණත්වය ලැබීම. (ඔවුන්ට පවතින්නට පුළුවන් වන්නේ එවිටයි).
හොඳින් බලන්න, මෙයින් එකක හෝ අඩුවක් තියෙනවා නම්, එය පවතින්නට පුළුවන් එනම් දියුණු නාට්ය කලාවක් නොවෙයි. එබැවින්, මේ තුන හැම විටම හමු විය යුතුයි. ඒ තත්ත්වය සමස්තයක් ලෙස නාට්ය කලාවක පොදු තත්ත්වය ලෙස පැවැතීමට හැකි විය යුතුයි.
විවිධාකාර වෙනස්කම්වලට යටත්ව අද වෙන කොට මුළු ලෝකය පුරාම වාගේ දියුණු නාට්ය කලාවක් බිහිව ඇති තැන්වල ඇත්තේ එකම යාන්ත්රණයයි. එය මූලික වශයෙන් ධනවාදී වෙළෙඳපොළ යාන්ත්රණයයි. එනම් අනෙක් සියලුම භාණ්ඩ මෙන් නිෂ්පාදනය කර අලෙවි කර පැවැතීමේ ක්රමයමයි. ඔබ දැන් ඇසුරු කරමින් ඉන්නා විශිෂ්ට යැයි කියන සියලුම විශ්ව නාට්ය කලාවේ නිර්මාණ එවැනි ක්රමයක ප්රතිඵලයි. නමුත්, ධනවාදී ක්රමයට එරෙහි යාන්ත්රණ පිළිබඳ විවිධ කතිකාවන් සහ විකල්ප යෝජනා තිබෙන අතර එවැනි යාන්ත්රණයකින් ද නාට්ය කලාවේ පැවැත්ම සාර්ථක වූ අවස්ථාවල දී අප එය කතා කරන තෙක් පවතින ක්රමය තුළ සාර්ථක වී ඇති ආකාරය කතා කරමු.
අප මේ කතා කරන දියුණු නාට්ය කලා ආකෘතිවලට වඩාත්ම හොඳ උදාහරණ ප්රංශය, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ජපානය, එංගලන්තය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, රුසියාව සහ ස්කැන්ඩිනේවියානු රටවල් ආදිය තුළින් හමු වෙනවා. මේ සෑම රටකම අනෙක් සෑම පාරිභෝගික භාණ්ඩයකම ගුණාත්මකභාවය, වගකීම ආරක්ෂා කිරීම සම්බන්ධ වෙළෙඳපොළ යාන්ත්රණය නාට්ය නිෂ්පාදන සම්බන්ධයෙන් ද එයාකාරයෙන් ම අදාළයි.
ඒ අනුව පාසල්, විශ්වවිද්යාල ආදියෙහි කරන නිෂ්පාදන ආදිය හැරුණුකොට සාමාන්යයෙන් එම රටවල නාට්ය නිෂ්පාදනය වෙන්නේ නාට්ය සමාගම් හරහා පමණයි. එය හරියට බෙහෙත් විකුණන්නේ පිළිගත් ෆාමසිවල පමණයි වගේ ! කොටින්ම ඔබ තනි නළුවෙකු විදිහට වීදි රංගන පමණක් කළ ද, සමාගමක් විදිහට හෝ කිසියම් වෘත්තීයමය වර්ගීකරණයක් යටතේ ලියාපදිංචි වී සිටිය යුතු අතර, ඊට පවා ක්රමවේදයක් තියෙනවා. ස්වාධීන රචකයන් ඇත්නම්, ඔවුන්ට පවා තමන්ගේ රචනය නිෂ්පාදන සමාගමකට ඉදිරිපත් කරන්න වෙනවා. එසේ හොඳ නිර්මාණ භාර ගැනීම සඳහා සෑම නාට්ය සමාගමකම වාගේ විවිධාකාර වර්ගීකරණ යටතේ පහසුකම් තියෙනවා. ඒක හරියට ගොවියකුට තම බෝග විකුණන්ඩ බැහැ, කඩේකට ලබා දිය යුතු අතර ගොවියා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර කිසිවකුට අසාධාරණයක් නොවන සාධාරණ යාන්ත්රණයක් පැවැතිය යුතුයි වැනියි.
බර්ටෝල්ට් බ්රෙෂ්ට්, සැමුවෙල් බෙකට් සහ දාරියෝ ෆෝ ආදී ප්රකට නාට්යකරුවන්ගේ පිටපත් පවා ඇත්තේ ඒජන්තලා (Agent) ළඟ වන අතර, එම ඒජන්තලා ද පවතින්නේ පිටපත් ලබා දීමට වෙන් වුණු සමාගම් ලෙසටයි. නාට්ය සමාගමකින් යම් පිටපතක් නිෂ්පාදනය කරන්නේ නම්, එවැනි පිටපත් ලබා දෙන සමාගමකින් දර්ශන වාර ගණනට හෝ රඟදක්වන කාලයට අනුව විවිධ කොන්දේසි යටතේ පිටපත කුලී පදනමකින් මිලට ගත යුතුයි. ඒ තුළ සාමාන්යයෙන් කිසිදු පිටපත් රචකයකුට අසාධාරණයක් වෙන්න අවස්ථාවක් නෑ.
නාට්ය සමාගමක් පවත්වාගෙන යන්න අනිකුත් ව්යාපාරයක් මෙන්ම ඊට අවශ්ය ආචාරධර්ම, තාක්ෂණික සහ වෘත්තීය සුදුසුකම් සැපිරිය යුතුයි. ඒ වගේම නාට්ය සමාගම් ගත් කල දෙතුන් දෙනාගේ කාර්ය මණ්ඩලවල සිට සිය ගණනක් වැඩ කරන මහා පරිමාණ මට්ටම් දක්වා විවිධ ආකෘතීන් තියෙනවා. සමහර නාට්ය සමාගම්වල නාට්ය නිෂ්පාදනය ඇතුළු නාට්ය කලාවට අදාළ පොත් පත් අලෙවියේ සිට දේශන වැඩසටහන් ආදී සියලුම ක්රියාකාරකම් එයින් කරනවා.
ඒ අනුව සාමාන්යයෙන් ඒ රටවල සිද්ධ වෙන්නේ නාට්ය සමාගම තමන්ගේ දැක්මට, ධාරිතාවට අනුව පිටපත් රචකයාගේ සිට අධ්යක්ෂ සහ නළු, නිළියන් යනාදී සියලුම ශිල්පීන් වෘත්තීයමය පදනමෙන් යොදා ගැනීමයි. එම තෝරා ගන්නා සියලුම ශිල්පීන්ට අනික් සියලු ම රැකියාවල මෙන් වෘත්තීයමය වශයෙන් ගෙවීම් කළ යුතුයි. සමහර විශාල නාට්ය සමාගම්වලට පූර්ණකාලීනව වැඩ කරන ශිල්පීන් සිටින අතර, සමහර නාට්ය සමාගම් අවශ්ය පරිදි අදාළ ව්යාපෘතියට කොන්ත්රාත් පදනම මත ශිල්පීන් යොදා ගන්නවා. ඒ කොහොම කළත්, එම ශිල්පීන්ට සියලුම වෘත්තීයමය සුබසාධන, රක්ෂණ රැකවරණ සහ බුද්ධිමය දේපළ අයිතීන් නීතිමය ආකාරයට හිමිවෙනවා පමණක් නොව යමෙක් යම් අසාධාරණයට ලක් වුණොත්, ඊට එරෙහිව ක්රියාත්මක කිරීමට ද ආකෘතියක් තියෙනවා. වෘත්තීය සංගම් ආදිය ද තියෙනවා. මෙන්න මේ කී දේවල් යම් නාට්ය සමාගමකට සපුරන්නට නොහැකි නම්, ඔවුන්ට එම සමාගම පවත්වාගෙන යන්නට අවසර ලැබෙන්නේ නෑ.
මේ නාට්ය සමාගම්වලට හිතන තරම් හිතුමතයේ තීරණ ගන්න බැහැ. සාමාන්යයෙන් සෑම නාට්ය සමාගමක්ම වාගේ රාජ්ය හෝ රාජ්ය නොවන විවිධ අංශවලින් අඩු-වැඩි වශයෙන් අනුග්රහය ලබන අතර, ඒවා විවිධාකාර කොන්දේසිවලට යටත්. උදාහරණයක් වශයෙන්, අවුරුද්දේ මෙපමණ නිෂ්පාදන හෝ ක්රියාකාරකම් ප්රමාණයක් තුළ ‘සුළු ජාතීන්ගේ’ ප්රශ්න නියෝජනය විය යුතුයි. මෙපමණ නිෂ්පාදන ප්රමාණයක සංස්කෘතික විවිධත්වය තිබිය යුතුයි. මෙපමණ නිෂ්පාදන ප්රමාණයක් අඳ, ගොළු, බිහිරි ආදීන් සඳහා වෙන් විය යුතුයි ආදී වශයෙන් රටේ ඒ ඒ ෆෙඩරල් ක්රමයට අනුව විවිධ කොන්දේසි තිබෙනවා. සාමාන්යයෙන් මේ බොහෝ කොන්දේසි එන්නේ අනුග්රහ හරහායි.
ගුණාත්මක නිෂ්පාදන රසවිඳීම සඳහා විශාල ප්රේක්ෂකාගාරයක් හුරුවෙලා තිබෙන විට නාට්ය සමාගම්වලට ද හිතන තරම් බාල වැඩ හෝ දූෂිත වැඩ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඔවුන් අතර වඩාම ගුණාත්මක නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා තරගයක් තියෙනවා. වඩාම ගුණාත්මක නිෂ්පාදන කරන සමාගමට වඩාම අනුග්රහ දිනාගන්න පුළුවන්.
මේ ක්රමය තුළ නාට්ය විචාරය වැනි දේකට එන විට විචාරකයා සාමාන්යයෙන් අපට හමු වන්නේ පුවත් පත්, සඟරා ආදී මාධ්යයක් හරහායි. එම මාධ්යවලින් වෘත්තීය විචාරකයන් යොදාගෙන තියෙනවා. ඒ අනුව විචාරකයාට සාමාන්ය පරිදි සියලු වෘත්තීය අයිතිවාසිකම් සමඟ පූර්ණකාලීන හෝ කොන්ත්රාත් පදනම මත වැටුපක් ලැබෙන අතර, ඔහුට හෝ ඇයට ඇත්තේ, නාට්ය පිළිබඳ විචාර ලිවීමයි. එම විචාරවල ගුණාත්මකභාවය සඟරාවේ පැවැත්මට තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බැවින්, ගුණාත්මක නාට්ය ගැන අවබෝධයක් ඇති විශාල ප්රේක්ෂකාගාරයක් ද සිටින බැවින්, එම විචාරකයාට තමාගේ විචාරය කවර විදිහකින්වත් පෞද්ගලික අගතියකට යොදා ගන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ. අනෙක් සෑම වෘත්තියක් ම වාගේ එම වෘත්තිය ද ඔහු හෝ ඇය හරියට කරන්නේ නැත් නම්, ඊට අවශ්ය ක්රියාමාර්ගයක් ගත හැකි විදිහටයි එය ද පවතින්නේ. මොක ද? එම සඟරා ද වෘත්තියක් ලෙස පවතින්නට ගුණාත්මක වෙළෙඳපොළක් සමඟ තරග කළ යුතුයි. සාමාන්යයෙන් දියුණු නාට්ය සංස්කෘතිවල පළපුරුදු සෑම ප්රේක්ෂකයකු ම විචාර කියවන බැවින්, ගුණාත්මක විචාරවලට හොඳ ඉල්ලුමක් එනම් වෙළෙඳපොළක් තියෙනවා. පුවත් පතේ අලෙවියට මෙන්ම නාට්ය කලාවට ද විශාල බලපෑමක් කරලා තියෙන ඕස්ට්රේලියානු ප්රකට වෘත්තීය නාට්ය විචාරකයන් කීප දෙනකුට උදාහරණ තමයි, ජෝන් මැකලම් (John McCallum) ( The Australian), කෙවින් ජැක්සන් (Kevin Jackson), සුශි ගෝස් සීස් (Suzy Goes Sees) සහ ජේසන් බ්ලේක් (Jason Blake) (Sydney Morning Herald) ආදීන්.
සාමාන්යයෙන් මූලික වශයෙන් ඉහත සඳහන් කළ ආකාරය තමයි, වෘත්තීය නාට්ය කලාව හෝ නාට්ය කර්මාන්තයක මූලික හැඩය. නමුත්, මේ තුළ නාට්ය නිෂ්පාදනවලට විවිධාකාර සුබසාධන සහ පහසුකම් රාජ්ය සහ රාජ්ය නොවන අනුග්රහවලින් ලැබෙනවා. උදාහරණයකට, අඩු ආදායම් ලබන්නන්ට පෙන්ෂන් ඇති අයට සහ ශිෂ්යයන් ආදී අයට නොමිලේ හෝ ඉතා අඩු මුදලට ප්රවේශ පත්ර ලබා ගන්න පුළුවන් වීම, නාට්ය ප්රවේශ පත්රවලට යන වියදම් ආදායම් බදුවලින් නිදහස් කිරීම, සුළු ජන කොටස් තේමා කර ගත් නිර්මාණ හෝ පර්යේෂණ නිර්මාණවලට විශේෂ අනුග්රහ ලැබීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්.මෙවැනි සුබසාධන ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ සමාජ ප්රජාතන්ත්රවාදී සහ සුබසාධනවාදී රටවල්වල යි.
මෙම වෘත්තීයමය නාට්ය කලාව පවතින කිසිම රටක ශ්රී ලංකාවේ මෙන් නාට්යකරුවකුට නාට්යයක් හදන්න ඕනෑ වෙන කොට තමන්ම පිටපතක් සහ ශිල්පීන් හොයාගෙන, රඟහල ද වෙන් කරගෙන හදලා පෙන්නන අවදානම් ක්රමයක් නැහැ. පැවැත්ම සහ වෙළෙඳපොළ අර්ථයෙන් කියනවා නම්, ඒක හරියට වෘත්තීයමය නිර්ණානායකයන්ට අනුව විධිමත්ව කඩයක් තුළ ආරක්ෂිතව විකුණනවා වෙනුවට යම් බෝගයක් ඔබ තනියම පාර ළඟ අතේ තියාගෙන විකිණීමට සමානයි.
ශ්රී ලංකාව ඇතුළු නාට්ය කලාව දුර්වලයි කියන රටවලත් සමහර විට ධනවාදී නොවේ යැයි කියන සෑම තැනකමත් ඇත්තේ මූලික වශයෙන් මෙම නිර්මාණකරුවා (නිෂ්පාදකයා), වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර ක්රමයේම විවිධ වර්ණ සහ හැඩයන්මයි. එකම වෙනසකට ඇත්තේ ඒවා සාමාන්යයෙන් මෙම ක්රමයේම හෝ මෙය අත්පත් කර ගැනීමට නොහැකි වීම නිසා දුර්වල වී ඇති දූෂිත වී ඇති අක්රමවත් වී ඇති හෝ අවිධිමත් වී ඇති තත්ත්වයන් වීමයි. නමුත්, ඒ තත්ත්වයන් විවිධාකාර නාමකරණ යටතේ සමහරු විසින් හඳුනා ගන්න පුළුවන් (උදා: කලාව විකුණනවාට විරුද්ධ අපේ අත්කම් ක්රමය). දියුණු යාන්ත්රණයක් නොමැති නිසා මේවාට දිගටම පවතින්නට බැහැ. ඇත්තටම ශ්රී ලංකාවේ ඇත්තේත් මෙම නිර්මාණකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර ඇති යාන්ත්රණය දියුණු ලෙස අත්පත් කර ගැනීමට නොහැකි වීම නිසා ඇති වුණු දුර්වලතාව, අවිධිමත්භාවය සහ රටේ අනෙක් සියලුම ක්රම මෙන් දූෂිත වී ඇති තත්ත්වයක් පමණයි. ශ්රී ලංකා ක්රමයේ ඇති මෙම දුර්වල සහ දූෂිත ලක්ෂණ මෙන්ම ශ්රී ලංකාවට සුදුසු දියුණු ක්රමයක් පිළිබඳ යෝජනාව පසුව වෙනම කතා කරමු.
වෘත්තීය නාට්ය කලාවක අනුග්රාහක වෙළෙඳපොළ සකස් වෙන ආකාරය, රජයේ භූමිකාව සහ ගුණාත්මක ප්රේක්ෂකාගාරයක් ඇති වන ආකාරය ආදිය ඕස්ට්රේලියානු නාට්ය කලාවේ ආකෘතිය ඇසුරින් ඊ ළඟට සාකච්ඡා කරමු.
පිංතූරය: රුසියාවේ Moscow Art Theatre ආදර්ශයට ගනිමින් Harold Clurman, Lee Strasberg සහ Cheryl Crawford යන ඇමරිකානු රංග කලාවේ පුරෝගාමීන් විසින් 1931 දී ඇමරිකාවේ රංග ශිල්පීන්ගේ ප්රථම ස්ථිර සමාගම The Group Theatre. නමින් බිහි කරන අතර මේ එහි ඓතිහාසික ඡායාරූපයක්. මෙය ඇමරිකානු වෘත්තිය රංග කලාවට වඩා ම බලපෑමක් කරපු ඓතිහාසික සිදුවීමක් විදිහට සලකනවා.

නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්