ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට සාපේක්ෂව
චිත්‍ර කලාව, චිත්‍රපට කලාව සහ සාහිත්‍යය
ආදී විෂයයන් ගුණාත්මකව වඩා ඉදිරියෙන් ඉන්න බව අපට පිළිගන්න සිද්ධ වෙනවා.
මීට එක ප්‍රධාන හේතුවක් තමයි, ඒ විෂයයන්ට සිංහල නොවන්නා වූ හොඳ විවිධ
විදේශ නිර්මාණ ඇසුරු කරන්නට පහසුවෙන්
අවස්ථාව තිබීම. සාහිත්‍යය වැනි විශේෂයක දී
ඉංග්‍රීසියෙන් කියවන පොත් ද පහසුවෙන් හොයා ගන්නට පුළුවන්කම පවතින අතර එසේ නොවුණත්,
පරිවර්තන
ගත්ත ද, ඒවා විශාල ප්‍රමාණයෙන් ඇසුරු කිරීමට
පුළුවන්. චිත්‍රය විශාල ප්‍රමාණයෙන් පින්තූරය ඇසුරු කරගෙන පවතින බැවින්, මේ වෙන කොට සඟරාවලින් හෝ ඉන්ටර්නෙට් හරහා හෝ
ලෝකයේ ඕනෑම චිත්‍රයක් නරඹන්නට පුළුවන්. (චිත්‍ර නැරඹීමේ නිවැරැදිම ක්‍රමය එය
නොවුණත්, අධ්‍යයනය සහ නිරීක්ෂණය සඳහා එම පින්තූර
ප්‍රමාණවත්.) චිත්‍රපටිය ද ඩීවීඩී ලෙසට හෝ අන්තර්ජාලයෙන් හෝ නරඹන්නට පුළුවන්. එම
නිසා ඒ විෂයයන් ඉතා විශාල ප්‍රමාණයෙන් නාට්‍ය කලාවට වඩා වර්ධනය වෙලා තියෙන එක
පුදුමයක් නෙමෙයි. අවාසනාවට නාට්‍ය වැනි විෂයයක දී එතරම් පහසුවෙන් වෙනත් නිෂ්පාදනවල
ඇසුර හොයා ගැනීම පහසු නැහැ. එකක් නාට්‍යය සජීවී මාධ්‍යයක් එය සජීවී ලෙසටම
නිරීක්ෂණය කළ යුතුයි. එසේම ලෝකයේ බොහෝ හොඳ නිර්මාණවල වීඩියෝ පට නිකුත් කරන්නේ
නැහැ.
මට මතකයි මම ශ්‍රී ලංකාවේ ඉඳන් නාට්‍ය කරන කාලවල මේ සඳහා මම
හැම විටම උත්සාහ කළා විදේශ රටවලින් ගෙන්වන නිර්මාණ බලන්නට යන්න. ඒවා ලයනල්
වෙන්ඩ්ට් රඟහල, සෙන්ට් බිෂොප් රඟහල, බි්‍රතාන්‍ය පාසල් රඟහල සහ බි්‍රතාන්‍ය කවුන්සල
රඟහල ආදියට ඉඳහිට පැමිණියා. සමහර අවස්ථාවල දී සමහර ජාත්‍යන්තර පාසල්වලටත්
පැමිණියා. නැතහොත්, එම ජාත්‍යන්තර පාසල් විදේශ නාට්‍ය අධ්‍යක්ෂවරුන්
කැඳවා නිර්මාණ කෙරෙව්වා. ඒවා බොහොමයක් ඉතා ඉහළ ගුණාත්මක මට්ටමින් තිබුණා. සමහර ඒවා
නාට්‍යම නෙමේ විවිධාකාර පර්ෆෝමන්ස් හෝ අභින සහ නර්තන වැනි ඒවා. නමුත් ඒ සියල්ලම
රංගකලාව (Theatre) විෂයය යටතේ ආභාසයට ගන්න බොහෝ දේවල්
තිබෙන නිර්මාණ. ඊට අමතරව මම අවස්ථා කීපයක් ඉන්දියාවට ගියා නාට්‍ය නරඹන්න.
මේ ප්‍රශ්නය, එනම්, වෙනත් නිර්මාණ ඇසුරු කිරීමට අවස්ථාව
හදා ගැනීම නාට්‍යකරුවන්ට මෙන්ම රජයට ද මැදිහත් වී කරන්නට පුළුවන් බව මගේ යෝජනාවයි.
මීට පෙර වරක් හෝ දෙවරක් කළ පරිදි රාජ්‍ය හෝ යෞවන සම්මාන ආදී නාට්‍ය උලෙළකින් තෝරා
ගන්නා සමහර නාට්‍යකරුවන්ට අවම වශයෙන් ඉන්දියාව වැනි රටකවත් නාට්‍ය උත්සව කාලයට
නාට්‍ය නරඹා එන්නට පහසුකම් සැලැසීම රජයට කිසිසේත් අපහසු දෙයක් නොවේ. ඒ සඳහා
ඉන්දියාව සමඟ යම් හුවමාරු හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ
යන්නත් පුළුවන්. ඒ සඳහා යන වියදමට අනුග්‍රහකවරුන් හොයාගෙන යන්නටත් පුළුවන්. මම මීට
පෙර ද ලිපියකින් පෙන්වා දුන් පරිදි ඕස්ටේ්‍රලියාව ඇතුළු බොහෝ දියුණු නාට්‍ය කලාවක්
ඇති රටවල එවැනි අනුග්‍රහ ලබා දීමට රජය විවිධ ආකෘති හරිගස්සලා තියෙනවා. ඒ සෑම
අවස්ථාවක දීම රජය වියදම් කරන්නේ නැහැ, නමුත්,
ඔවුන් මැදිහත් වෙනවා. මෙතැන දී මම රජය යනුවෙන්
අදහස් කරන්නේ ලංකාවේ නම් කලා මණ්ඩලය හෝ නාට්‍ය අනුමණ්ඩලය, තරුණ සේවා සභාව වැනි නාට්‍ය කලාවට බද්ධ ආයතන.
කිසිවකු එම ආයතනවලට එය කරන්නට නොහැකියි කියනවා නම්, මම කැමැතියි එම අදහස් අභියෝගයට ලක් කරන්න. ඒවා පහසුවෙන් කරන්න
පුළුවන් දේවල්.
පින්තූරය: ලාස්ට් බස් එකේ කතාව නාට්‍යය 2013 දී ඉතාලියානු භාෂාවට පරිවර්තනය වී නිෂ්පාදනය වුණු අවස්ථාවක්.රංගනය ලියනාඩෝ මැනෙරා, (Leonardo Manera) අධ්‍යක්ෂණය මාර්කෝ රම්පොල්දි( Marco Rampoldi).
No comments:
Post a Comment